රටට ආදරය කරන්නේ ජනාධිපති

රටට ආදරය කරන්නේ ජනාධිපති


රටට ආදරය කරන නායකයෙකු ලෙස ජනාධිපතිවරයාගේ සැලසුම් අදට වඩා හෙට දවස වෙනුවෙන් නිර්මාණය වී ඇති බව වර්තමානයේ ජනතාවට ප්‍රත්‍යක්ෂවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කළා.




අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය 03 වනදා හම්බන්තොට , සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හත්පෝරුව, කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ වඩා යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ භාරදුර වගකීම ජනාධිපතිවරයා සිය හිස මත දරා සිටින බවයි.


ගමේ ඉපදුන නායකයෙකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඈත දුෂ්කර ප්‍ර‍දේශවල ජනතාවගේ හෙට දවස වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරිය පවසයි. දකුණට අධිවේගී මාර්ගයක්, ගුවන්තොටුපළක් හා වරායක් වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති හීනයක් වී තිබූ යුගයේදී එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකිවූයේ රටක අනාගතය ගැන හිතන නායකයෙකු සිටින නිසා බව අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.


එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, එදා හම්බන්තොට ප්‍රදේශයට විදුලිය, ජලය නොතිබූ බවත් අද විදුලිය, ජලය, කොන්ක්‍රීට් පාරවල්, කාපට් පාරවල් සහිත සංවර්ධන පුරවරයක් හම්බන්තොට නිර්මාණය වී ඇති බවත්ය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු හම්බන්තොට ප්‍රදේශයට විදුලිය, ජලය, කොන්ක්‍රීට් පාරවල්, කාපට් පාරවල් පමණක් නොව වරාය හා ගුවන්තොටුපළ වැනි මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ලැබී ඇති බවත් ඒනිසා අනාගත පරපුරට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගා ඇති බවත් අමාත්‍යවරිය පවසයි.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ 71 වෙනි ජන්ම දිනයට සමගාමීව දකුණු පළාත්සභාව මගින් සංවිධානය කළ මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රාදේශීයසභා මන්ත්‍රී නන්දසිරි රණතුංග මහතා, හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති පී. ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටී.



Post a Comment