සිරගත ධීවරයින් පිළිබඳ එකගතාවයක්

සිරගත ධීවරයින් පිළිබඳ එකගතාවයක්


මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමෙන් පසුව ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ‍්‍රී ලංකික ධීවරයින් නිදහස් කිරීම පිළිබඳ දෙරට අතර එකඟතාවයට පැමිණ ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.




අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ‍්‍රී ලංකා මුහුදු සිමාව උල්ලංඝණය කිරීම් හේතුවෙන් ධීවරයින් හා බෝට්ටු අත්අඩංගුවට ගැනීම සිදු කරන බවයි. නමුත් එයින් ධීවරයින් නිදහස් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ. කෙසේ වෙතත් මෙරට ධීවරයින් 97 දෙනෙකු ඉන්දියාවේ අත්අඩංගුවේ පසුව වේ. අමාත්‍යවරයා මෙරට ධීවරයින් වෙත දැනුම් දී සිටියේ මෙරට මුහුදු සීමාවෙන් එහාට මසුන් ඇල්ලීම සඳහා නොයන ලෙයසි. අපට ඇති ධිවර සීමාවේ පමණක් රැකියා කටයුතුවල නිතර වන ලෙස දැනුම් දී තිබේ.



Post a Comment