මහනුවර, ප්‍රසිද්ධ බාළිකා විද්‍යාලයක ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක් පාසැල් වෑන් රථයක් තුළ දී ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකරන අවස්ථාවේ දී මහනුවර වැවරවුමේ රතු බෝක්කුව අසළ නවතා තිබු වෑන් රථය තුළ අදාළ සිසුවිය අපයෝජනයට ලක් කරමින් සිටි බව වාර්තා වේ.
මහනුවර ගලගෙදර ප්‍රදේශයේ සිට පාසැල් ළමුන් ප්‍රවාහනය කරන අදාළ වෑන් රථයේ රියදුරු මීට වසර 03ක පමණ කාලයක සිට එම සිසුවිය වෑන් රථය තුළ දී අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු 37 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය පැවසුවේය.
ඇතුළත නොපෙනෙන පරිදි වෑන් රථයේ පැති වීදුරු අදුරු වන පරිදි සකස් කර තිබු අතර එය සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලියාපදිංචි වෑන් රථයකි.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර මහරෝහලට යොමු කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment