ජලාශ 64ක් වාන් දමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 64ක් වාන් දමමින් පවතින බව වාර්තා වෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දිස්ත්‍රික්ක 13ක පිහිටි සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බවයි.


අනුරාධපුර, මඩකලපුව, මාතලේ, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, පුත්ලම,වව්නියාව, බදුල්ල, හම්බන්තොට, මාතර, මොණරගාල සහ මන්නාර යන දිස්ත්‍රික්ක වල ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බව සඳහන්ය.


අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය හැර සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 160ක් ද වාන් දමමින් පවතින බව සඳහන්ය.


ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහවැලි ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර මාවිල්ලාරු අමුණේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.



Post a Comment