
අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ප‍්‍රදේශයේ අද (05) පෙරවරු 7 ට පමණ නිවසක තිබී මළ සිරුරු 05 ක් සොයා ගෙන තිබේ.
එම මළ සිරුර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර එහි එකම පවුලේ මව, පුතා, සහ දුවද එම කාන්තාවගේ සොහොයුරිය සහ ඇගේ පුතාගේ ද මළ සිරුරු වේ. එම නිවසේ හිමිකරු වන කේ.ඒ පියදාස යන අය බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. නිවසේ ඇති මළ සිරුරු වල කැපුම් තුවාල දක්නට ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post a Comment