රටවිරුවන් එක්ක කතා කරන්නSkype, Facebook වැඩපිළිවෙලක් යෙදනවා

රටවිරුවන් එක්ක කතා කරන්නSkype, Facebook වැඩපිළිවෙලක් යෙදනවා


ශ‍්‍රී ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එන්නේ විදේශගත ශ‍්‍රමිකයින් බවත් නමුත් ඔවුන් මීට පෙර නිසි පිළිගැනීමක් නොලද බවත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.



අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (29)හාලිඇලදී 8 වැනි රටවිරු පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ “ආකල්ප වෙනස් කර ඉදිරියට යන්න නම් නවීන තාක්‍ෂණය භාවිතා කරන්න ඕන බවයි. අපේ රටට වැඩියෙන්ම විදේශ විනිමය ගෙනෙන අය ගැන ලංකාවේ එතරම් පිළිගැනීමක් තිබුනේ නැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

තව ද ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන අයට රටවිරුවෝ කියලා සමාජගත කළා. එදා සාම්ප‍්‍රදායික කෘෂි අපනයන භෝගවලට තිබුන තැන අද රටවිරුවන්ට හිමිවෙලා. ගිය වසරේ ඩොලර් බිලියන 6ක් වූ තෙල් මිල ගෙව්වේ මොවුන් ගෙනා සල්ලි වලින්. මේ රටවිරුවන් අපි 365 දවස පුරා අගයන්න ඕන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා”

“අද තරුණ පරපුර නවීන තාක්‍ෂණය භාවිතා කරනවා. සෑම තරුණයෙක් අතම ජංගම දුරකථන, ටැබ් වගේ නවීන තාක්‍ෂණික උපකරණ තියෙනවා. හැබැයි ඔවුන්ට ඒවා තමන්ගේ උවමනාවන් සඳහා භාවිතා කරන්න උපදෙස් දීලා නෑ. රට ඉන්න අම්මට කතා කරන්න IDD වලට ලොකු ගාස්තුවක් ගෙවන කොට Skype, Facebook හරහා නොමිලේ පිටරට ඉන්න දෙමාපියන්ට කථා කරන්න වැඩපිළිවෙලක් යොදන්න ඕනි. ඒ නිසයි මේ ආකාරයට පරිගණක විද්‍යාගාර රටවිරු දරුවන් වෙනුවෙන් ඉදි කරන්න යෝජනා කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා. අදවන විට දිවයින පුරා මෙම විද්‍යාගාර 8ක් පිහිටුවා තිබෙනවා. ” ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලද රටවිරු පරිගණක විද්‍යාගාර ඉදිකිරීමට තමන් අදහස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා පවසා සිටියේ අවුරුද්දකට ඩොලර් බිලියන 6ක් පමණ එවන රටවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දූ දරුවන්ට අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර ඉදි කිරීමට වැයකරන මුදල් නාස්තියක් නොව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ‍්‍රී ලංකාව පත්වීමේ ගමන්මඟට ලබාදෙන ශක්තියක් බවයි.

dilan computer


Post a Comment