හලාවත, ජලටැංකිය අසල දැදුරු ඔය ප්රදේශයේ ඊයේ (29)පෙරවරු 8 ට පමණ නිවසක් ඉදිරිපිට මයිල ගසක ගැට ගැසූ කොහු ලණුවක ආධාරයෙන් පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසියට කළ විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක්වූ හලාවත ප්රදේශයේ පදිංචි වයියාපූරි පද්මනාදන් යන අය වේ. මිය ගිය පුද්ගලයා ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29) හලාවත රෝහලේදී පවත්වා තිබේ. මෘත ශරීරය මරණකරුගේ බිරිදට බාරදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.
Post a Comment