එක්සත් ජාතික පක්ෂය දිනන මාවතකට යොමු කිරිම සදහා එක්සත් භික්ෂු පෙරමුණ කටයුතු කරන අතරතුරදි එහි තනතුරු ලබා සිටින ඇතැම් පිරිස් පක්ෂය විනාශ කිරිම සදහා ගෙන යන ලැජ්ජාසහගත උත්සහය පරාජය කිරිමට කටයුතු කරන බව,එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.
උන්වහන්සේ නිකුත් කල නිවේදනයක සදහන් වෙන්නේ,එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කල අට වැදෑරුම් යෝජනා පිළිබදව එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු තවත් පිරිසක් සුබවාදි අදහසක් දැරුවද, එම පක්ෂයේ තනතුරු දරන පිරිසක් ලැජ්ජා සහගත ක්‍රියාකලාපයක යෙදි සිටින ආකාරයයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක,එම පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහත්වරුන්ගේ ක්‍රියාකාලපයන් දැඩි ලෙස හෙළා දකින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ. දයා ගමගේ මහතා මාධ්‍ය සංදර්ශනයක් සිදු කරමින් සිටින අතර,තිස්ස අත්තනායක මහතා එක්සත් භික්ෂු පෙරමුණේ යෝජනාවන්ට අකුල් හෙළමින් සිටින බවත් ,රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් භික්ෂු පෙරමුණ අපහසුතාවයකට පත් කරමින් කටයුතු කරන බවද එකි නිවේදනයේ සදහන් කර තිබේ. පසුගිය දිනවලදි රනිල් වික්‍රමසිංහ මහතා,කරු ජයසූරිය මහතා,සජිත් ප්‍රේමදාස මහතා එක්සත් භික්ෂු පෙරමුණ සමග සාකච්ඡා වට පැවත්වු අතර එහිදි රනිල් වික්‍රමසිංහ මහතා තම නායකත්වයන් ඉවත් විමට පොරොන්දු වුවත්,දයා ගමගේ මහතා එක්සත් භික්ෂු පෙරමුණ අපහසුතාවයකට පත් කරමින් එම ප්‍රකාශ අසත්‍ය බව පල කරමින් විවිධ ප්‍රකාශ සිදු කරන බවද එම නිවේදනයේ සදහන් කර තිබේ. කුණ්ඩසාලය ආසනය දිහා අවධානය යොමු කිරිමේදි තිස්ස අත්තනායක මහතාගේ අසමත් බව හොදින් නිරූපණය වන බවද එම නිවේදනයේ පෙන්වා දෙනු ලැබේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ලාභින් රැසක් එක්සත් ජාතික පක්ෂය විනාශය කරා රැගෙන යාමට දරන ලැජ්ජා ශිලි උත්සහය නිශ්චිත වශයෙන්ම පරාජයට පත් කරන බවද එම නිවේදනයේ අවසන් වශයෙන් දක්වා තිබේ.
Post a Comment