CHOGM රාජ්‍ය නායකයන් 33ක් සහභාගීත්වය ෂුවර් -ජි.එල්.

නොවැම්බර් 15 සහ 16 වැනිදා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා රාජ්‍ය නායකයන් 33 ක්‌ පැමිණෙන බව මේ වන විට රජයට දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 

පොදු රාජ්‍ය මණ්ඩලය රටවල් 53කින් සමන්විත බව අතර මෙම රාජ්‍ය නායක සහභාගීත්ව තහවුරුව, ඊයේ (30) දිනයට පවතින ඉලක්කම බවත්, තවත් අලූත් රාජ්‍ය නායකයින් පිරිසක් සමුළුවට සහභාගී වීම ස්ථීර කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියි. 

මෙම සමුළුවට සහභාගි නොවන බව දැනුම්දී ඇත්තේ කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් මහතා පමණි. පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුව සදහා රටවල් 67ක, නියෝජිතයන් 500කට අධික ප‍්‍රමාණයක් සහභාගී වන බවද ඊයේ වනවිට සහතික කොට ඇත. 

සමුළුවට විදෙස්‌ රාජ්‍ය නායකයන් පැමිණීම වැළැක්‌වීම සඳහා විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 30 ක්‌, විදෙස්‌ මාධ්‍ය ආයතන 10 ක්‌, විදෙස්‌ රූපවාහිනී සේවාවක්‌ වූ චැනල් ෆෝ සහ විදේශීය මාධ්‍ය පාර්ශ්වයන් 10 ක්‌ සහ එල්.ටි.ටි.ඊ. හිතවාදී සංවිධාන 8 ක්‌ දැඩි උත්සාහයක්‌ දරා තිබෙන බව රජය පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment