විශාලතම ප‍්‍රහාරක නෞකාව ඇමරිකාවෙන් - USS Zumwalt

ඇමරිකානු නාවික හමුදා ඉතිහාසයේ විශාලතම ඩිස්ට්‍රෝයර් වර්ගයේ ප‍්‍රහාරක නෞකාව මෙයින්හි කෙනබෙක් ගංගාවට දියත් කර ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ අසාර්ථක නෞකා ව්‍යාපෘති වලින් අනතුරුව මෙම ව්‍යාපෘතිය හරහා සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත හැකිවේ යයි නාවික හමුදා නිලධාරීන් විශ්වාසය පළ කරති. 

යූ.එස්.එස්. සම්වෝල්ට් ලෙස නම් කර ඇති මෙම නෞකාව නාවික හමුදාවේ ඇති අනෙක් ප‍්‍රහාරක නෞකාවලට වඩා අඩි සියයක් පමණ දිගින් වැඩි අතර රේඩාර් සංඥා අපවර්තනය කරන සුවිශේෂී හැඩයකින් යුතු බව කියවේ. 

දියුණු සෝනාර් උපකරණ සහ පරිඝනකගත මිසයිල මෙන්ම අවි හිසක් සැතපුම් 100ක දුරකට එල්ල කළ හැකි විශේෂ රොකට් බලගැන්වුම් අවියක්ද මෙහි අන්තර්ගතකර තිබේ. ලෙක්සින්ටන් ආයතනයේ ආරක්ෂක විශ්ලේෂක ලොරෙන් තොම්ප්සන් පවසන්නේ මෙය පැරණි නෞකා සම්ප‍්‍රදාය සහ නවීන තාක්ෂණයේ මිශ‍්‍රණයක් බවයි. 

නෞකාවේ ක‍්‍රියාකාරකම් වැඩි ප‍්‍රමාණයක් පරිඝනකගත කර ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලය 158කට සීමාවනු ඇතැයි පැවසේ. එය වෙනත් ප‍්‍රහාරක නෞකාවකට සාපේක්ෂව දෙගුණයක අඩුවීමකි. කෙසේවෙතත් තාක්ෂණික භාවිතය හේතුවෙන් අතිවිශාල මුදලක් වැයවෙන බැවින් ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමටද ඇතැම් නිලධාරීන් විසින් යෝජනා කරනු ලැබූ බව පැවසේ. 

අවසානයේදී යෝජිත නෞකා 20ක් වෙනුවට 3ක් පමණක් නිෂ්පාදනය කිරීමට නාවික හමුදාව තීරණය කර තිබේ. සම්වෝල්ට් නෞකාව සඳහා ඩොලර් බිලියන 3.5ක මුදලක් වැයවෙන නමුදු අසාර්ථක වෙරළබඩ ප‍්‍රහාරක නෞකා ව්‍යාපෘතියෙන් සිදුවූ අලාභයට සාපේක්ෂව මෙය සැලසුම්සහගත කාලයට සහ මුදලට අනුව නිර්මාණය කෙරෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.









IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment