
කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ මගි ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා පුද්ගලික බස් රථ යෙදවීමට අවසර ලබා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.
ඒ අනුව බස්රථ 18ක් කොළඹ කටුනායක අධිවේගි මාර්ගයට යෙදවීමට ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.සුඛෝපභෝගි බස් රථ 9ක් සහ අධි සුඛොපභෝගී බස්රථ 9ක් යෙදවිම සඳහා ටෙන්ඩර් කැඳවීම මෙම සතිය තුළ සිදු කිරිමට නියමිතව තිබේ.ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 125ක් සහ අධි සුඛෝපභෝගි බස් රථ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 180ක් ලෙස නියම කිරිමටද ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.
Post a Comment