බිත්තරයක තිබී පණුවෙකු හමුවේ - කුරුණෑගල

කිකිළි බිත්තරයක තිබී පණුවෙකු හමුවීමේ පුවතක් කුරුණෑගල - වාරියපොල ප‍්‍රදේශයෙන් ඊයේ (29) වාර්තා විය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සී.එස්. මුතුකුඩ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට මෙම බිත්තරය පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය රසායනාගාරය වෙත යොමුකළ බවයි. 

බිත්තරයේ සිට හමුවු පණුවා නෙමටෝඩා නැමැති පණු විශේෂයට අයත් බවත්, සාමාන්‍යයෙන් එම පණුවා කුකුළන්ගේ ශරීරයේ ජීවත්වන බවත් ඔහු සඳහන් කළේය. එහෙත් කිකිළි බිත්තරයක මෙම පණුවා සිටීම දුර්ලභ අවස්ථාවක් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.

මෙම බිත්තරය මීට දින 04කට පෙර ප‍්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගත් බව මෙම සිද්ධියට මුහුණදුන් වාරියපොල අජන්තා කුමාරි මහත්මිය ප‍්‍රකාශ කළාය. මෙම සිද්ධිය පිළිබඳව විමර්ෂණ සිදුකරන වාරියපොල පශු විමර්ෂණ නිලධාරී වෛද්‍ය චින්තන කරුණාරත්න මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, මෙම පණුවා කුකුළන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින්නෙකු බවට හඳුනාගෙන ඇති බවයි. 

 කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, මෙවැනි පණු විශේෂ ඇතැම් විට ශරීරයට අහිතකර විය හැකි බවයි. එහෙත් ඇතැම් විට එවැනි පණු විශේෂයෙන්ගෙන් බලපෑමක් එල්ල නොවන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය. 

ඡායා - ලක්බිම

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment