සෞඛ්‍ය නිලධාරීන් 40,000ක් පළවෙනිදා වෙනිදා ලෙඩ වේ

සෞඛ්‍ය නිලධාරීන් 40,000ක් පළවෙනිදා වෙනිදා ලෙඩ වේ


දිවයින පුරා රෝහල් වල හෙද නිලධාරි ,පරිපුරක වෛද්‍ය සේවා හා අතුරු වෛද්‍ය සේවා නිලධාරින් 40,000ක් නොවැම්බර් 01 දින වැඩ වර්ජනයේ යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.




අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ජා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කර ඇති බවයි.


එහිදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා .....


අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අපි ඊයේ දිනයේ දී අපේ ඉල්ලීම් පිළිබදව දීර්ඝ සාකච්ජාවක් සිදු කළා. ඒ අනුව එහිදී අමාත්‍යවරයා අපේ ඉල්ලීම් සාධාරණ බව පිළිගත්තා. නමුත් මේ පළමු වතාව නෙවෙයි. බොහෝ විට හැමදාම සිදු වුනේ ඉල්ලීම් සාධාරණ කියලා පිලිගත්තට ඒවා ක්‍රියාත්මක වීමක නම් සිදු වුයේ නැත. ඒ අනුව තමයි අපි මේ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කලේ.


ඒ අනුව අපි ප්‍රධාන ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් වර්ජනය සිදු කිරීමට තීරණය කළා.එම ඉල්ලීම් වන්නේ...


01.රාජකාරි බාධා හා ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රු.10,000ක දීමනාවක් ලබා ගැනීම.

02.ආරම්භක ශ්‍රේණියේ අතිකාල දීමනාව රු.200ක් වන ලෙස වැඩි කිරීම.

03.පළමු හා විශේෂ ශ්‍රේණි නිලධාරීන්ට රු.4000ක සන්නිවේදන දීමනාව ලබා දීම.

04.රා.පරි.චක්‍රලේඛ 7/2008න තාක්ෂණ සේවයේ වැටුප් වීමෙන් අනෙකුත් සේවා වෙත බලපෑ ඇති වැටුප් විෂමතාව වහා නිවැරදි කිරීම.

05.1994-07-01 දින සිට වසර 9යෙන් පළමු ශ්‍රේණි උසස්වීම් ලබා දී උසස්වීම් විෂමතාව වහා විසදා ගැනීම.

06.පළමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණි නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම..


මෙම ඉල්ලීම් හේතුකොට ගෙන සියුළු රෝහල්වල රෝගී සත්කාරක සේවා,රසායනාගාර පරීක්ෂණ. ඖෂධ නිකුත් කිරීම,එක්ස්රේ හා ස්කෑන් පරීක්ෂණ ආදී බරපතල සේවා බොහාමයක් එන හිටිනු ඇත.නමුත් මහජනතාවගේ ජිවිත වලට අවධානමක් නොවන පරිදි අපේ වැඩ වර්ජනය සිදු කිරීම අපගේ යුතුකමක්. ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහල,සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල්,මහමෝදර රෝහල,මහරගම පිළිකා රෝහල,කාසල් විදිය හා සොයිසා කාන්තා යන රෝහල් වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.



Post a Comment