පොලිස් ස්ථානාධිපතිවරු 5ගේ පුටුමාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

සේවා අවශ්‍යතා මත අදාළ ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බව වාර්තා වේ.


ඒ අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.ඩබ්ලිව්.ඉන්ද්‍රජිත් මහතා මුලතිවු මූලස්ථාන පොලිසිය වෙත මාරු කර යවා ඇත.


කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.එල්.චන්දිම මහතා අනුරාධපුර මූලස්ථානය වෙතත් පොලිස් පරීක්ෂක ඒ.ජී.ජී. පුෂ්පකුමාර මහතා මින්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරු කර යවා තිබේ.


මීට අමතරව පොලිස් පරීක්ෂක පී.ආර්.මානවඩු මහතා තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක පී.ඒ.එන්.පතිරාජ මහතා ගම්පහ මූලස්ථාන පොලිසිය වෙතත් මාරු කර යවා ඇත.



Post a Comment