CHGOM නිසා නිවාඩු නෑ

CHGOM නිසා නිවාඩු නෑ


පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් රාජ්‍ය අංශයට හෝ පෞද්ගලික අංශයට විශේෂ නිවාඩුවක් ලබා නොදෙන බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම්,චරිත හේරත් මහතා පවසයි.




ඊයේ (01)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති රැස්විමකදි ඔහු මේ බව ප්‍රකාශ කලා.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිවාඩු දිනයක් බවට යන ප්‍රකාශය අසත්‍ය බවයි.රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින් ගමන් ගන්නා මාර්ග 03 පමණක් ඔවුන් ගමන් ගන්නා අවස්ථාවලදි වසා තබන බවත්,එයින් නගරය වසා නොදමන බවයි ලේකම්වරයා මෙහිදි පෙන්වා දුන්නේ.මෙම සමුළුව පැවැත්වෙන දිනවලදි කොළඹ නගරය සක්‍රියව තබා ගන්නවා හැර අකර්මණ්‍ය කිරිමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද ඒ මහතා මෙහිදි අවධාරණය කර සිටියා.



Post a Comment