ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් ලබන 7

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් ලබන 7


එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂයේ විරෝධි දේශපාලන පක්ෂ ඇතුළුව සමඟි බලවේගයේ සිවිල් සංවිධාන ව්‍යාපාරයත් එකතුවී ලබන 7වෙනිදා විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.




මහලේකම්වරයා මේ බව පවසා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


කැසිනෝ පණත සම්පූර්ණයෙන්ම අස් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින්, විසඳුමක් සහිතව රතුපස්වල ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට බලපෑම් කරන්න කරමින්, 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරන්න යැයි බලකරමින්, නිදහස් කොමිසන් සභා සියල්ල යළිත් ඇති කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුකරමින් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බව මහලේකම්වරයා සඳහන් කළා.


එමෙන්ම අයවැය ලේඛනයේ සඳහන් සහණ ජනතාවට ලබා දෙන්නේද යන්න පිළිබඳවද සොයා බලන බවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙහිදී අවධාරණය කළා.



Post a Comment