මුහුණු අලේපන වර්ග භාවිතය ප්‍රවේශමෙන්

දැනට වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති මුහුණ පැහැපත් කිරීමේ අලේපන වර්ග 35% ක් පමණ ලියාපදිංචි වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එවැනි අලේපන භාවිත කිරීම තුළින් චර්ම රෝග, පිළිකා, වකුගඩු රෝග පවා ඇති විය හැකි බවට අනාවරණය වී තිබේ. 

ඒ අනුව, වෙළෙඳපොළේ අලෙවි කරන විලවුන් වර්ග පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පාරිභෝගික අධිකාරිය හා එක්ව සිදුකරන මෙම වැඩසටහන මගින් මුහුණ පැහැපත් වීම සඳහා භාවිත කරන ආලේපන වර්ගවල කැඩ්මියම්, රසදිය, ඊයම් සහ ආසනික් යන බැර ලෝහ අන්තර්ගත ද යන්න පිළිබඳව සොයා බැලීමට නියමිතය. 
අද (29) දිනය තුළ කොළඹ ප්‍රදේශයේ විලවුන් වර්ග අලෙවි කරන ස්ථාන සහ රූපලාවන්‍යාගාර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බව ජාතික ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කරයි. මුලාශය -අද දෙරණ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment