අනුරපුර ගුටි කෙළියකින් 4ක් රෝහලේ

අනුරාධපුර, විජිතපුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රදේශයේ බීර ගබඩාවක සේවකයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.


ගැටුමෙන් තුවාල ලැබු බීර ගබඩාවේ පුද්ගලයින් සිව්දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment