ඉන්දීය ධීවරයින් 37 ක් - යාත්‍රා 5ක් අත්අඩංගුවේ

උතුරු මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවර බෝට්ටු 5 ක් නාවික හමුදාව සිය බාරයටගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ පේදුරු තුඩුව ආශ්‍රීත උතුරු මුහුදු තීරයේ මෙම බෝට්ටු සිය බාරයට ගත් බවයි.


එම බෝට්ටු වලින් පැමිණි ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගත් ධීවරයින් හා එම බෝට්ටු කන්කසන්තුරේ වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.


මේ අතර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ධීවර සංවිධානය විරෝධය පළ කර තිබේ.


එම සංවිධානයේ නායක එන්.ජේ.බෝස් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත මීළඟ ධීවර සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.



Post a Comment