වල්ලපට්ටා ඇද්ද දෙන්නෙක් බම්බලපිටිය දුම්රියපළ ළඟදී මාට්ටු


වල්ලාපට්ට ශාක කොටස් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.


බම්බලපිටිය පොලිස් කේෂ්ත්‍ර බළකා මුලස්ථානයට ලැබුණු තොරතුරක් අනුව මොටර් රථයේ තිබී වල්ලාපට්ටා කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 900ක් පොලිස් බාරයට ගෙන ඇත.


සැකකරුවන් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.


ඔවුන් අද අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව බම්බලපිටිය පොලිසිය සඳහන් කළේය.



Post a Comment