ජනපති අගමැති ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආගමික උත්සවය අද වාද්දුවේ!

ජාතික නිදහස් සැමරුම් උළෙල නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය ආගමික උත්සවය අද පැවැත්වෙයි.

වාද්දූව, මොල්ලිගොඩ, දෙගම්බද මහා විහාරස්ථානයේ දී මෙම උත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.


මේ අතර 67 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද සහ හෙට යන දිනවල නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


මෙවර ජාතික නිදහස් දින උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.


නිදහස් දිනය නිමිත්තෙන් හෙට පෙරවරු 6 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.



Post a Comment