සතයකට හරි බුරුවා ගැහුවොත් හිරේ

සතයකට හරි බුරුවා ගැහුවොත් හිරේ


වත්මන් ආණ්ඩුව මෙරට සදාචාරය විනාශ කරමින් කැසිනෝ මේ රට තුල නීති ගත කිරීමට කටයුතු කරන බව,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.




බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා කියා සිටියේ අවුරුදු කාලය තුලදී සත ගණනකට හෝ බුරුවා ගැසුවොත් ජනතාවට සිදු වන්නේ හිර කුඩුවේ ලැගීමට බවයි.නමුත් වත්මන් ආණ්ඩුව කොටි ගණන් වියදම් කරමින් කැසිනෝ වලට අවශ්‍ය පහසුකම් සැලසීමට සුදානම් බවද ෆොන්සේකා මහතා මෙහිදී අවධාරණය කර සිටියා. එසේම බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව කරන වියදම් හේතුවෙන් මෙරට නූපන් දරුවන් පවා ජාත්‍යන්තරයට ණය වී සිටින බවයි.සරත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේ, මේ වන විට නූපන් දරුවන් පවා රුපියල් 300000ක් ජාත්‍යන්තරයට ණය වී ඇති බවයි.



Post a Comment