නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන්ටත් නිදහස

මෙවර නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් පිරිසකට ජනපති සමාව යටතේ නිදහස ලබාදීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට දිනයේ මෙම සිරකරුවන්ට නිදහස ලබාදීමට නියමිත බවය.


බන්ධනාගාර ගතව සිටින වයස අවුරුදු 75ට වැඩි සිරකරුවන්ට මෙහිදී නිදහස ලබාදීමට නියමිතය.


ප්‍රධාන ඝණයේ සැලකෙන වැරදි 28ක් සම්බන්ධයෙන් සිරගතවූවන් හැර වෙනත් වැරදි සඳහා සිරගත වී සිටින වයස අවුරුදු 75ට වැඩි රැඳවියන්ට මෙම නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


දඩ ගෙවා ගැනීමට නොහැකිව සිරගතව සිටින සිරකරුවන්ට ද හෙට දිනයේ නිදහස ලබාදීමට නියමිතය.


ඊට අමතරව දැනට බන්ධනාගාර ගතව සිටින සියලුම රැඳවියන්ගේ දඬුවම් කාලයෙන් සතියක කාලයක් අඩුකිරීමට ද තීරණය කර තිබේ.



Post a Comment