බස් ගැන පැමිණිලි 110ක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පසුගිය දින දෙක තුළ පැමිණිලි 110ක් පමණ ලැබී තිබේ.

ඉන් පැමිණිලි 70කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ ලැබී ඇත.


එම පැමිණිලි අතුරෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි බව සඳහන්ය.


ඉන්ධන මිල අඩුවීමත් සමඟ සියයට 8ත් 10ත් අතර ප්‍රතිශතයකින් පෙබරවාරි පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේය.


ඒ අනුව සියලුම බස් රථවල නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.


නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට අනුව දිවයින පුරා විශේෂ වැටලීම් මේ දිනවල ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය.



Post a Comment