බිස්වාල් වෙනස ගැන සතුටුවෙයි

ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරගත යුතු තවත් අංශ කිහියක්ම පවතින බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මෙනවිය පවසයි.

ඊයේ(03) දිනයේ දී සිය දෙදින නිල සංචාරය නිමකරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කර ඇති බව සඳහන්ය.


පසුගිය ජනවාරි මස 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලාංකික ජනතාව තුළ පවතින උද්යෝගය සහ සතුට දැක ගැනීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බව අදාළ නිවේදනය මගින් නිෂා බිස්වාල් මහත්මිය ප්‍රකාශ කර ඇත.


එසේම රාජ්‍ය නිලධාරීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පෞද්ගලික අංශ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ජා වලදී නව රජය පිළිබඳව ඔවුන් තුළ පවතින සුභවාදී ආකල්පය අවබෝධ කර ගැනීමට හැකිවු බව ද ඇය ප්‍රකාශ කර තිබේ.


තවද මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා නාගරික සංවර්ධන අමාත්‍යවරයා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවැත්වු සාකච්ජා වඩාත් සාර්ථක බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය වැඩිදුරටත් පවසයි.



Post a Comment