ප්‍රංශයට ගිය ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩබස්වයි

ගුවන් මගියෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපල වෙත ගොඩබස්වා තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා ගමන් කළ යු.එල්. 563 දරණ ගුවන් යානය මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන්ය.


අදාළ මගියා හෘදයා බාධයකට ලක්ව ඇති අතර යානය ටෙහෙරාන් නුවරට ගොඩ බැස්සවීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර තිබේ.


ඉන් අනතුරුව ගුවන් යානය යළිත් පැරිස් නුවර බලා ගමන් කළ බව වාර්තා වෙයි.



Post a Comment