මහනුවර - මහියංගණ මාර්ගය යථා තත්ත්වයට

පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර තිබූ මහනුවර - මහියංගණ ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සඳහා මේ වනවිට විවෘත කර තිබේ.

මහනුවර දිස්ත්රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසුවේ මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමන කටයුතු සඳහා විවෘත කළ බවයි.


ඊයේ(03) රාත්‍රියේ උඩුදුම්බර ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට සම්පුර්ණයෙන් බාධා එල්ලවුණි.



Post a Comment