වෙලේ සුදාගැන පරීක්ෂණ සතියකින් අවසන් කරනවා

මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සතියක කාලයක් තුළ අවසන් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අදාළ පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පත් කර තිබේ.


එම පරීක්ෂණ වලින් අනතුරුව තහවුරු වන කරුණු මත තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.



Post a Comment