මානව හිමිකම් කඩවීම් ගැන වාර්තාව සකසා අවසන්

යුද්ධය අවසන් කාලයේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වු වාර්තාව සකස් කර අවසන් බව අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ අදාළ වාර්තාව ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට කටයුතු කරන බවයි.


ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.


කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.


යුද්ධය අවසන් කාලයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් ලබාදුන් කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment