තරුණියක මරා දුම්රියට ගෙල තැබුවේ ඝාතකයාද?

27 හැවිරිදි විවාහක තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පසුව දුම්රියට ගෙල තබා මියගිය බවට ලද තොරතුරක් මත ගාල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද අළුයම ගාල්ල, දඩල්ල, මහමුදලි මාවත ප්‍රදේශයේ මෙය සිදුව ඇත.


තරුණිය ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියාගේ මාමා විසින් බවට සැක කෙරේ.


අනතුරුව එම පුද්ගලයා ගිංතොට පාළම අසළදී දුම්රියට ගෙල තබා මියගිය බවට ලද තොරතුරක් මත ගාල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔහුගේ කඳ කොටස හැරුණු විට හිස කොටස නොමැතිවීම නිසා පොලීසිය ද මහත් ගැටලුවකට මුහුණ දී සිටී.


මේ අතර තරුණියට පහරදෙන අවස්ථාවේදී ඊට මැදිහත් වූ ඇයගේ වැඩිහිටි සහෝදරයෙකු හා මවද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය ගැන ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යන බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment