අතුරු අයවැය විවාදය අද සිට

නව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

අද සිට දින 03ක් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සෙනසුරාදා පස්වරුවේ අතුරු අයවැය පිළිබඳ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතය.


නව රජය පත්වීමත් සමඟම පසුගිය 29 වන දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි.


එමගින් ජනතාවගේ ජීවන වියදම පහත හෙලීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත්වී තිබු අතර රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ නංවා තිබුණි.


මෙම අතුරු අයවැය මගින් නව බදු වර්ග කිහිපයක් හඳුන්වා දී තිබු අතර මන්දිර බද්ද, කැසිනෝ බද්ද එහිදී වැඩි අවධානයක් යොමු වු බදුවෙයි.


නව රජය විසින් ඉදිරිපත් කරන ලද මෙම අතුරු අයවැය විවාදයේ දී එහි වැරදි සහ අඩුපාඩු පෙන්වාදීමට කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් අයවැයට පක්ෂව ජන්දය ලබාදීමට කටයුතු කරන බව ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේය.


තම රජය විසින් වසර ගණනාවකට පසුව ජනතාවට සහණ රැසක් මෙම අතුරු අයවැය මගින් ලබාදීමට හැකිවු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


එම නිසා පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන් ඒකමතිකව මෙම අතුරු අයවැය සම්මත කර ගැනීමට සහය පළ කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය.



Post a Comment