සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඇතැම් පරිගණක වලට හානි කර මෘදුකාංග ඇතුළුවීමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ ඊ මේල් පණිවිඩ හරහා ද මෙවැනි මෘදුකාංග පරිගණකයට ඇතුළු විය හැකි බවයි.
ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ජාල වෙබ් අඩවි වල පුද්ගලික ගිණුම් සඳහා බලහත්කාරයෙන් ඇතුළුවීමට ද මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වෙයි.
Post a Comment