තරුණයෙක් දියේ ගිළී අතුරුදහන්

කිතුල්ගල, කළු කොහුතැන්න ප්‍රදේශයේ කැළණි ගඟේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ.

හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පිරිසක් සමඟ විනෝද චාරිකාවක ගොස් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගොරලියගොල්ල, හරස්බැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.


කිතුල්ගල පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු තරුණයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.



Post a Comment