පොලිස් කොස්තාපල්ට ‍වෙඩි - කොස්තාපල් රෝහලේ

වව්නියාව ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ වව්නියාව පෙරියඋලුක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුට මෙලෙස වෙඩිවැදී ඇති බවයි.


රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී පාවක්කුලම වැව ආසන්නයේ දී මෙම වෙඩි වැදීම සිදුව තිබේ.


වෙඩිවැදීමෙන් පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට සහ අතකට තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෙම වෙඩි වැදීම කෙසේ සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත


පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවෙයි.



Post a Comment