දින සියයේ වැඩපිළිවෙළට අමෙරිකාවේ පූර්ණ සහයෝගය

නව රජයේ දින සියයේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බව දකුණු හා මධ්‍යම අමෙරිකානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසයි.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බිස්වාල් මහත්මිය අද පෙරවරුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළාය.


එහිදී ඇය කියා සිටියේ ආර්ථිකය නඟා සිටුවීම, දූෂණ වංචා වැළැක්වීම, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය සහ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් සිය සහය පළ කරන බවයි.


මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ද මෙරට සංචාරය කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.



Post a Comment