නිදහස් දිනයේ පාර්ලිමේන්තුව ආශ්‍රිත පාර වැහෙන්නේ මෙහෙමයි

පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් දිනයේ සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තුව ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

එදින පෙරවරු 6.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ අදාළ මාර්ග වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඒ අනුව කිඹුලාවල හංදියේ සිට කියැන්හෑම් වටරවුම දක්වා වු ජපන් මිත්‍රත්ව පාර, පොල්දූව හංදිය සිට පාර්ලිමේන්තුවට දෙසට ඇති පාර්ලිමේන්තු පාර, එච්.එන්.බි. වටරවුමේ සිට කියැන්හෑම් වටරවුම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත එම කාලය තුළ වසා තැබේ.


එමෙන්ම පැලවත්ත හංදියේ සිට කියැන්හෑම් වටරවුම දක්වා වු පැලවත්ත පාර සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට පාර ද අදාළ කාලය තුළ වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment