ලංකාව සම්බන්ධ යෝජනාව කල් යන ලකුණු!

එළඹෙන මාර්තු මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව කල්යනු ඇති බවට වාර්තා වෙයි.

ඒ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට නියමිත අදාළ යෝජනාව කෙටි කාලයකට කල් දැමීම සඳහා ප්‍රති යෝජනාවක් අමෙරිකාව විසින් ඉදිරිපත් කිරීමෙන් බව සඳහන්ය.


පසුගිය දින දෙමළ ජාතික සන්ධානය සමඟ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මෙනවිය කළ සාකච්ඡාවෙන් ඒ සම්බන්ධයෙන් ඉඟි පළ වු බවට දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.


මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පරාජය වීමත් සමඟ අමෙරිකානු එක්සත් ජනපදය ඉතා සතුටු වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය තුළ අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා සබඳතා සඳහා දීප්තිමත් අනාගතයක් දකිනු ඇති බවත් එයට හේතුවක් වී ඇති බවට එම මාධ්‍ය පෙන්වා දෙයි.



Post a Comment