පොළොන්නරුවේ ජලාශ කිහිපයක් වාන් දමයි

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 08ක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


මින්නේරිය ජලාශයේ ද වාන් දොරටු 06ක් අඩිය බැගින් විවෘත කර තිබේ.


දැන් දින කිහිපයක සිට මෙම ප‍්‍රදේශයට මහවැසි ඇද හැලෙන අතර පරාක‍්‍රම සමුද්‍රයේ ද ජල මට්ටම සිඝ‍්‍රයෙන් ඉහල යමින් ඇති බව වාර්තා වෙයි.


මේ අතර රටපුරා ප‍්‍රදේශ බොහොමයක අද වරින් වර වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Post a Comment