අන්තර්ජාල ප්‍රවෘත්ති කලාවේ ශ්‍රී ලංකාවේ පළමු තැන අපටයි


ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ශ්‍රී ලාංකේය වෙබ් අඩවිය ලෙස ජාත්‍යන්තර Alexa ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා ගැනීමට අද දෙරණ වෙබ් අඩවිය සමත්වී තිබේ.


ගූගල් සෙවුම් යන්ත්‍රය ඇතුළුව සෙවුම් යන්ත්‍රද, ජාත්‍යන්තර ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි 5ක් පෙරමුණේ පැවතියද ඉදිරියෙන්ම පවත්නා පළමු ශ්‍රී ලංකා වෙබ් අඩවිය වශයෙන් අප වෙබ් අඩවිය ස්ථාන ගතවී ඇත.


ඒ අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් ජාත්‍යන්තර සෙවුම් යන්ත්‍ර හා වෙබ් අඩවි ඇතුළත්ව සලකා බලන විට පළමු ස්ථානය Facebook.com ද, දෙවන ස්ථානය Google.lk ද, තෙවන ස්ථානය Google.com ද, සිව්වන ස්ථානය

Youtube.com ද, පස් වන ස්ථානය

Blogspot.com ද වන අතර adaderana.lk ස්ථානගතවී ඇත්තේ සය වන ස්ථානයටය.


එහෙත් ලක්ෂ සංඛ්‍යාත අන්තර්ජාලය භාවිතා කරන්නන් විසින් අද දෙරණ කෙරෙහි තබා ඇති විශ්වාසය නිසාම ශ්‍රී ලාංකේය වෙබ් අඩවි සියල්ල අභිබවා පළමු ස්ථානය දිනාගැනීමට හැකිවීම පිළිබඳ අපගේ පාඨකයින්,රසිකයින්,ප්‍රේක්ෂකයින් ට බෙහෙවින් ස්තූති වන්ත වන අතර ඉදිරියටත් ඔබ අප කෙරෙහි තැබූ එකී විශ්වාසය ආරක්ෂා කරන බවටද පොරොන්දු වෙමු.


මීට පෙරාතුව ජාත්‍යන්තර Alexa ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස ස්ථාන ගතවීමට අද දෙරණට හැකිවූයේ 2010 ජූනි මස 06 දාය.


http://ift.tt/1ozb7Zv



Post a Comment