කොළඹ අවට පෙදෙස්වලට පැය 30 ක වතුර කැපිල්ලක්



මාලිගාකන්ද ජල තටාකයට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයක හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) දින පෙ.ව 9.00 සිට අනිද්දා(08) දින සවස 3.00 දක්වා පැය 30 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෙළඹ 01,02,03 සහ කොළඹ 07,08,09,10,11,12,13 සහ 14 යන ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මීට අමතරව කොළඹ -04, 05,06 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එහි සඳහන්ය.


මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවීම සම්බන්ධයෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත්,අවශ්‍ය ජලය කල් තියා රැස් කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් කියැවෙයි.



Post a Comment