අපරාධ රැල්ල වැඩිනම් මරණ දඬුවම යළිත්

අපරාධ රැල්ල ඉහළ යන්නේ නම් මරණ දණ්ඩනය යළිත් වරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වර්තමානයේ නීතීයට ගරු කරන, නීතිය ක්‍රියාත්මක කරන සමාජ සංස්කෘතියක් බිහි කර ඇති බවයි.


එම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් කිහිපයක් සිදුකළ බව ද විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරයි.


අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ පාරදෘශ්‍ය භාවයකින් යුත් යහපාලනයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.



Post a Comment