කල්දැමූ පොලීසියේ ස්ථාන මාරු පෙබරවාරී 10 සිට යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව නතර කර තිබු පොලිස් ස්ථාන මාරුවීම් යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මස 10 වන දින සිට එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.


මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට උතුරු සහ නැගෙනහිර ඇතුළුව අනෙකුත් ප්‍රදේශවල සේවය කරන පොලිස් නිලධාරීන් දස දහසකට අසන්න පිරිසකගේ ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබුණි.


කෙසේ වෙතත් ජනාධිපතිවරණය හේතුවෙන් එම මාරුවීම් නියෝග පෙබරවාරි මස 01 වැනි දින දක්වා කල් තැබුණි.


යළිත් වරක් අදාළ ස්ථාන මාරුවීම් මැයි මස 01 වැනි දින දක්වා කල් දැමුණු අතර දුෂ්කර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත එම මාරුවීම් යළිත් මේ මස 10 වන දින සිට ක්‍රියාත්මක කර කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


කෙසේවෙතත් අභියාචනා ඉදිරිපත් කර ඇති නිලධාරීන් අභියාචනා මණ්ඩල කැඳවීමෙන් අනතුරුව ස්ථාන මාරුකිරීම් සිදුකිරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.



Post a Comment