දින 100 යටතේ සහයදීමට අවශ්‍ය අංශ ගැන මනා අවබෝධයක් ලැබුණා

තමාගේ සංචාරය හරහා මෙරට නව රජයේ දින 100 වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට අවශ්‍ය අංශ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වු බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේශ් ශර්මා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලය සැමවිටම සූදානමින් සිටින බව කමලේශ් ශර්මා මහතා සඳහන් කළේය.


එමෙන්ම පසුගිය මස 8 වැනිදා මෙරට පැවති ජනාධිපතිවරණයට අවශ්‍ය සහය ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලයට හැකිවීම පිළිබඳ තමා සතුටු වන බව ඔහු ප්‍රකාශ කර ඇත.


සිය තෙදින නිල සංචාරය නිම කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේශ් ශර්මා මහතා අද පස්වරු 2ට දිවයිනෙන් පිටත්ව ගියේය.


මේ අතර නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ද දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.


යු.එල්.195 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් පිටත්ව ගිය බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment