ඉන්දීය මහකොමසාරිස් ජනපති මෛත්‍රී හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ඊයේ දිනයේ මහකොමසාරිස්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.


එහිදී සිංහා මහතා ජනාධිපතිවරයාට ඉන්දීය රජයේ සුභපැතුම් පිරිනමා ඇති බව සඳහන්ය.


ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ලිපියක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත බාරදී තිබේ.


ජනාධිපතිවරයා හමුවු ප්‍රථම විදේශ නියෝජිතයා වන්නේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහා මහතාය.



Post a Comment