නි.ඇමති අත්අඩංගුවට

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අලුත්ගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

අද (10) අලුයම 1.30 ට පමණ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


පසුගියදා කහවත්ත ප්‍රදේශයේ පොදු අපේක්ෂක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියකට වේදිකාව සකසමින් සිටි ආධාරකරුවන් පිරිසකට වෙඩිතැබීමේ සිදුවීමක් වාර්තා වූ අතර එයින් තුවාල ලැබූ කිහිපදෙනා අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.


මෙම වෙඩිතැබීමේ සිදුවීමට අදාළව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට චෝදනා එල්ලවී තිබුණි.



Post a Comment