සුභපැතුම් පණිවිඩය මගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව තවතවත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර අනාදිමත් කාලයක සිට සබඳතා පැවති බව චීන ජනාධිපතිවරයා තම සුභපැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබේ.
එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නව පාලනය යටතේ හැකියාව ලැබෙන ඇති බව චීන ජනාධිපතිවරයා ඉන් ප්‍රකාශ කර ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය ද අළුතින් තේරීපත්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභපැතුම් එක් කර තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමොන් සුභ පැතුම් එක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ස්ථාවරත්වයෙන් යුත් රටක් ලෙස ඉදිරියට ගමන් කරවීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලැබී ඇති බවයි.
කිසිදු බාධාවකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන බව ද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා වෙත එවු සුභපැතුම් පණිවිඩයේ සඳහන්ය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද ශ්‍රී ලංකාවේ සිදුවු බලය හුවමාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර තිබේ.
එම සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආදර්ශවත් ලෙස බලය හුවවාරු කිරීමේ කටයුත්ත සිදුකළ බවයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, සංහිඳියාවට වගවීමේ ක්‍රියාවලියට තම සංවිධානය අඛණ්ඩව සහය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

Post a Comment