අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.
අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව පැවසීය.
ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය එම තනතුරින් පහකිරීමෙන් පසු මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.

Post a Comment