මින් ඉදිරියට නායකත්ව පුහුණුවත් නෑ!

විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායී වැඩසටහනක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව විජේසිංහ මහතා පවසයි.

විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍යදේ නොවන බව හෙතෙම කියයි.


එමෙන්ම පැවති රජය විසින් ක්‍රියාත්මක කළ එම වැඩසටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව ද රජිව විජේසිංහ අමාත්‍යවරයා ප්‍රකාශකර තිබේ.


උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාතංශයක සහය ලබාගැනීම වරදක් නොවුවද එම කටයුතු වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බව ඔහු පවසයි.


උසස් අධ්‍යාපන ශ්‍රවණගාරයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව විජේසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත.



Post a Comment