වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටෙයි

අතරමං වී සිටි කාන්තාවක නිවසට ඇරලවීමට ගිය පුද්ගලයෙකු ප්‍රහාරයකට ලක්වූ අපූරු පුවතක් වාර්තා වේ.

ඒ පුත්තලම පල්ලම ප‍්‍රදේශයෙනි.


ඊයේ රාත්‍රී 8.30ට පමණ පල්ලම, සේරුකැලේ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇත.


අදාළ කාන්තාවට තම නිවස සොයා ගත නොහැකිව මහමග අසරණ වී සිටි බව ගුටි කෑ පුද්ගලයා පොලීසියට පවසා තිබේ.


ඒ අනුව තමන් පා පැදියකින් එම කාන්තාව ඇයගේ නිවස කරා කැටුව ගිය බවද ඇයගේ අනියම් පුරුෂයා බව පැවසෙන තැනැත්තෙකු විසින් තමන්ට පහරදුන් බවද ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත.


මෙම පහරදීම සිදුවු බව කියන ස්ථානයේ තිබී මිලිමීටර 09 වර්ගයේ ජීව උණ්ඩ 04ක් ද සොයා ගෙන තිබේ.


කෙසේ වෙතත් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරයි.



Post a Comment