නාමල්ටත් මරණ තර්ජනලු

තමාට මරණ තර්ජන එල්ල වී ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තංගල්ල පොලීසිය පැමිණිලි කර තිබේ.

ඊයේ සවස මන්ත්‍රීවරයා එලෙස පැමිණිලි කර ඇත.


දුරකථනයකින් අමතා තමාට මරණ තර්ජන කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතා පැමිණිලි කර ඇති බව තංගල්ල පොලීසිය කියයි.


මේ අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව ඊයේ කියා සිටියේය.



Post a Comment